March 28, 2024

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දූවිලි කුණාටුවක්

November 23, 2018

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය හරහා ඊයේ (22) දුවිලි කුණාටුවක්  හමා ගොස් තිබේ.

 වර්ග කිලෝ මීටර් 500 ක පමණ  ප්‍රදෙශයක් ආවරණය වෙමින් මෙම කුණාටුව පැතිරගොස් ඇති අතර  කුණාටුව සමඟ  ප්‍රදේශය තැඹිලි වර්ණයෙන් දිස් වු බව මාධ්‍ය වාර්තාකර තිබිණි.

මෙම කුණාටුවේ වියළි පස් අංශු විශාල ප්‍රමාණයක් අඩංගු වු බවද පැවසේ . මේ හේතුවෙන්  ගුවන් ගමන් පවා ප්‍රමාද වී ඇති අතර එරට වැසියෝ අසීරුතාවට ලක්වු බවද  පවසති.

මේ වන විට පවතින තත්ත්වය සමඟ සෞඛ්‍ය ගැටළු පවා ඇති විය හැකි බව එරට සෞඛ්‍යය අංශ සඳහන් කරයි.

 මේ තත්ත්වය හේතුවෙන්  විශාල පිරිසකට ශ්වසන අපහසුතා ඇති වී ඇති අතර කොපමණ සංඛ්‍යාවක් සිටීද යන්න පිළිබඳ නිශ්චිත ගණනයක් නොමැති  අතර ඇතැම් තදාසන්න ප්‍රදේශයන්හි  හමා යන සුළං හිද  ගුණාත්මකභාවයේ ගැටලුවක් ඇතැයි සෞඛය බලධාරීහු පවසති.

අගොස්තු  මාසයේ සිට  මේ දක්වා  පවතින  දැඩි වියලි  කාලගුණික තත්ත්වය මෙයට හේතුවී ඇති බව එරට කාලගුණ විද්‍යාඥයින් පවසන අතර  2009 වසරේදීද මෙවැනිම ප්‍රබල දූවිලි කුණාටුවක් හමා ගිය බව  ඔවුහු පවසති.

Rate this item
(0 votes)