April 25, 2024

සොයා ගත් අතුරුදන් වූ සබ්මැරීනය

November 19, 2018

මීට වසරකට පමණ පෙර අතුරුදන් වූ ආර්ජන්ටිනා නාවික හමුදාවට අයත් සබ්මැරිනය අත්ලාන්තික් සාගර පතුලේ තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ආර්ජන්ටිනාවේ වෙරළට මුහුදු සැතපුම් 700ක් පමණ දුරින් වු දකුණු දිග අත්ලාන්තික් සාගරයේ  මීටර් 800ක් පමණ ගැඹුරින් වූ මුහුදු ප්‍රදේශයේ තිබී සබ්මැරිනය සොයාගත් බවට ආර්ජන්ටිනා නාවික හමුදාව තහවුරු කර තිබේ.

කාර්යය මණ්ඩලය 44 දෙනෙකු රැගත් සබ්මැරිනය පසුගිය වසරේ නොවැම්බර් මස 15 වැනිදා සිට අතුරුදන්ව තිබුණි.

ඒ සම්බන්ධයෙන් අඛන්ඩව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබූ අතර අමෙරිකානු සෝදිසි මෙහෙයුම් කණ්ඩායමක් විසින් අදාළ සබ්මැරිනය සොයාගෙන ඇති බව වාර්තා වෙයි.  

Rate this item
(0 votes)
Last modified on Monday, 19 November 2018 10:21