April 24, 2024

සුපර් වුමන් මානසිකව වැටී යූටියුබ් හැර ගිහිං

November 18, 2018

සුපර් වුමන් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු යූටියුබර් (යූටියුබ් ජාලයට තම නිර්මාණ මුදාහරින්නා) කෙනෙකු ලෙස ප්‍රකට කැනේඩියාවේ උපන් ඉන්දීය ජාතික ලිලී සිං මානසික හා කායික පීඩාවන් හේතුවෙන් සිය යූටියුබ් වීඩියෝ චැනලයෙන් ඉවත්වන බව නිවේදනය කර තිබේ.

මීට වසර අටකට පෙර යූටියුබ් ජාලය හරහා නමක් දිනා ගනිමින් විවිධ වීඩියෝ හා නිර්මාණ ඊට එක්කරමින් සිටි ලිලී සිං පවසන්නේ තමන් ඉතා සතුටින් හා හොඳ සෞඛ්‍යය තත්ත්වයකින් ඉදිරියේදී තම සහෘදයන්  හමුවට පැමිණෙන බවයි.

යූටියුබ් ජාලයේ මහා ධනස්කන්ධයක් ඉපයූ ඇයගේ චැනලයන් වටා මේ වනමිට මිලියන 14ක් ඉක්මවන පරිශීලකයන් පිරිසක් එක්වී සිටි අතර, ඇය එහි ඉහළම ආදායම් උපයන කිහිප දෙනා අතරින් කෙනෙකුද වූවාය.

"මම මානසිකවත්, ශාරීරිකවත්, හැඟීම්වලිනුත් ආධ්‍යාත්මිකවත් දැඩි පීඩනයකට පත්ව සිටිනවා" යැයි ඇය කියයි.

එමෙන්ම මේ දක්වා තමන් විසින් නිර්මාණය කළ වීඩියෝ සම්බන්ධයෙන් තමා යළි සලකා බලන බවත්, ඉදිරියේදී නව නිර්මාණ කිහිපයක් කිරීමට තවත් කාලයක් තමන්ට අවශ්‍ය බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.

Rate this item
(0 votes)