April 20, 2024

දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළට

November 11, 2018

ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය නැවතත් අවදානම් සහිත අගයකට ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. අධිකරණ නියෝගද නොතකමින්  දීවාලි උත්සවය වෙනුවෙන් රතිඤ්ඤා දැල්වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

රාත්‍රීයේ පැය දෙකක් පමණක් රතිඤ්ඤා දැල්වීම සඳහා ඉඩ දෙමින් අධිකරණ නියෝග නිකුත් කෙරුණද එය නොතකා දිගින් දිගටම රතිඤ්ඤා දැල්වීම සිදුකළ බව වාර්තා වී ඇත.

දිල්ලි නගරයේ වායු දූෂණය ඉතාමත් තීව්‍ර අගයක් ගෙන ඇති බවත් ඒ හේතුවෙන් බොහෝ සෞඛ්‍ය ගැටළු නගරවාසීන්ට ඇති වියහැකි බවටත් වෛද්‍යවරු අනතුරු අඟවා ඇත.

උතුරු ඉන්දියානුවන්ගේ වැදගත් ආගමික උත්සවයක් ලෙස දීවාලි සමරනු ලබයි. 

(බීබීසි)

Rate this item
(0 votes)