March 29, 2024

නීතිපති ධූරයෙන් පහ කරයි

November 08, 2018

අමෙරිකා එක්සත් ජනපදයේ නීතිපති ජෙෆ් සෙෂන්ස් එම ධුරයෙන් පහකර තිබේ.

ඒ අනුව සෙෂන්ස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යවා ඇති බවද සඳහන් වෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව අමෙරිකාවේ නීතිපති ජෙෆ් සෙෂන්ස් පවසයි.

ඔහු ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියේ මේ බව සඳහන් කර තිබුණි.

එමෙන්ම තමා නීතිපති ධුරයේ කටයුතු කළ කාල සීමාව තුළදී නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කිරීමට හැකිවූ බවත් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වෙයි.

2016 අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් ධවල මන්දිරය සිදු කරන පරීක්ෂණවලට  ජෙෆ් සෙෂන්ස් සහය නොදැක්වීම හේතුවෙන් ට්‍රම්ප් ඔහුව දිගින් දිගටම විචේනය කර තිබුණි.

සෙෂන්ස්ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඔහු දැනුම්දී තිබුණේ එවන් පසුබිමකයි.

මේ අතර ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නීතිපතිවරයාට සිය ස්තූතිය පුද කර තිබුණි.

ජෙෆ් සෙෂන්ස්ගේ ඉල්ලා අස්වීමත් සමඟ මැතිව් විටෙකර් වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

Rate this item
(0 votes)