April 24, 2024

චීන – අමෙරිකානු ජනපතිවරුන් දුරකතන සංවාදයක

November 03, 2018

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා චීන ජනපති ෂී ජින් පින්ග් අතර දුරකතන සංවාදයක් පවත්වා තිබේ.

විදෙස් වාර්තා අනාවරණ කළේ, විෂයන් කිහිපයක් පිළිබඳව එහිදි කරුණු සාකාච්ඡා කර ඇති අතර දෙරටේ අතර වෙළෙඳාම පිළිබඳව නායකයින් දෙපළගේ වැඩි අවධානයක් යොමු වූ බවයි.

උතුරු කොරියාව පිළිබඳව ද එම සංවාදයේදී වැඩි වශයෙන් කරුණු සාකච්ඡා කර ඇත.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, මෙම මස අවසානයේ ආර්ජන්ටිනාවේ බුවනෝස් ඒයර්ස් නුවරදී පැවැත්වෙන ජී 20 සමුළුවට සමගාමීව චීන ජනපතිවරයා හමුවීමට ද එම සංවාදයේදී දින නියම කරගත් බවයි.

කෙසේවෙතත් අමෙරිකාව හා චීනය අතර ආනයනික භාණ්ඩ සඳහා දැඩි තීරු බදු පනවමින් වෙළෙඳ යුද්ධයක් ක්‍රියාත්මක වන පසුබිමකදී මෙම සංවාදය දුරකතන සිදුවීම විශේෂත්වයක් බව දේශපාලන විචාරකයින් පවසති.

Rate this item
(0 votes)