April 20, 2024

ජලයට බාධා කළ නිසා ඉන්දීය රූපවාහිනී පාකිස්තානයේ තහනම්

පාකිස්තානය තුළ ප්‍රචාරය කෙරෙන ඉන්දීය රූපවාහිනී නාලිකා තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.

මීට පෙර පාකිස්තාන පහළ අධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවක් යළි බලාත්මක කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

පාකිස්තානය වෙත ගලාඑන ජල මූලාශ්‍ර අවහිර කරමින් ඉන්දියාව විසින් වේලි නිර්මාණය කිරීමට විරෝධය පෑමක් ලෙස මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළ බව පාකිස්තානයේ අග්‍රවිනිශ්චයකාර සකීබ් නිසාර් පවසා සිටියේය.

ඉන්දීය රූපවාහිනී සේවා සහ චිත්‍රපට පාකිස්තානය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් උසුලන අතර, මෙම උණුසුම් තත්ත්වයට ප්‍රතිචාර ලෙස මෙම තහනම පනවා තිබේ.

ඉන්දු ගංගාවේ සහ එහි අතුගංගාවල ජල පෝෂණයෙන් පාකිස්තානයේ 80%ක් පමණ වූ කෘෂිකාර්මික කටයුතු සිදුකෙරෙන අතර, මෙම ගංගාව හිමාල කඳුකරයේ සිට ඉන්දියාව හරහා ගලා බසී.

Rate this item
(0 votes)