March 29, 2024

ස්මාට් ජංගම දුරකතනයේ සහයට ජපානයෙනුත් ජංගම දුරකතන 'පොඩ්ඩෙක්'

ජපානයේ විශාලතම සන්නිවේදන සමාගම වූ NTT Docomo මගින් මිලිමීටර් 5.3 ක් පමණ කුඩා 4G වර්ගයේ දුරකතනයක් හඳුන්වා දී තිබේ.

බැංකු කාඩ්පත් රඳවනයක් වැනි කුඩා පසුම්බියක තබා ගත හැකි අයුරින් නිර්මාණය කර ඇති මෙම සංයුක්ත මෙවලම නොවැම්බර් මාසයේදී ජපාන වෙළෙඳපොළට නිකුත් කරනු ඇත.

එය විශාල ස්මාර්ට් ජංගම දුරකතන හිමි තැනැත්තන් මෑතක සිට සහයක දුරකතනයක් භාවිතය සඳහා දක්වන නැඹුරුවේ කොටසකි.

ඔක්තෝබර් මාසයේදී ස්මාර්ට් ජංගම දුරකතනයකට "සහයක දුරකතනයක්" ලෙස android තාක්ෂණය ඇතුළත් කළ ඉතා කුඩා ස්මාර්ට් ජංගම දුරකතනයක් එක්සත් ජනපදයේදී ද එළි දැක්විණි. එය 'පාම්' (Palm) නමැති සන්නාම නාමය ඔස්සේ වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

කැමරා දෙකකින් යුක්ත එය ද විශාලත්වයෙන් බැංකු කාඩ්පතකට සමාන ය.

Rate this item
(0 votes)