April 26, 2024

ඔබාමා සහ හිලරි නමට සැක කටයුතු පුපුරණ ද්‍රව්‍ය පාර්සල්

සැකකටයුතු පුපුරණ ද්‍රව්‍ය පාර්සල් හිටපු ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වෙත යවා තිබියදී සොයාගත් බව එෆ්.බී.අයි. ආයතනය පවසයි.

නිව්යෝක් නගරයේ ජීවත් වන ධන කුවේරයෙකු වන ජෝර්ජ් සෝරෝස්ගේ නිවස වෙත බෝම්බ පාර්සලයක් ලැබී දින කිහිපයක් ගතවූ අවස්ථාවේදී මෙම අනාවරණය සිදුකරගෙන ඇත.

හිටපු රාජ්‍ය නායකයාට සහ ලේකම්වරයාට යවා තිබූ පාර්සල් ස්කෑන් කළ ආරක්ෂක අංශ මෙම සොයාගැනීම සිදුකරගෙන තිබේ.

ඒ අනුව, එහි සැකකටයුතු බව නිසා වහාම එම පාර්සල් පිළිබඳ ආරක්ෂක අංශ දැනුවත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹී තිබේ.

ඇමෙරිකානු රහස් ඔත්තු සේවයට අනුව හිලරි ක්ලින්ටන්ගේ නමට පෙරේදා (23) සැකකටයුතු පාර්සලයක් පැමිණ ඇති අතර, ඊයේ (24) බැරැක් ඔබාමාගේ නමට සැකකටයුතු පාර්සලයක් පැමිණ තිබේ.

Rate this item
(0 votes)