April 16, 2024

රියදුරු නැති ලන්ඩන් ටැක්සි සවාරිය තවත් වසර තුනකින්

ලන්ඩන් නගරයේ ක්‍රියාත්මක ඇඩිසන් ලී ටැක්සි සමාගම, සිය ගනුදෙනුකරුවන් සඳහා තවත් වසර තුනකින් රියදුරු නොමැති ස්වයංක්‍රීය ටැක්සි සේවාවක් හඳුන්වා දීමට සූදානමින් සිටී.

ඔවුන් මෙම ව්‍යායාමය සඳහා ඔක්ස්බොටිකා නමැති ස්වයං-ධාවන මෘදුකාංග සමාගම සමග එක්ව කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවද දැනුම් දෙයි.

ඒ වෙනුවෙන්, අදාළ තාක්ෂණික සමාගම සමග එක්ව දැනටමත් ලන්ඩන් නගරය ඩිජිටල්ගත කිරීම ආරම්භ කර ඇති බවද ඇඩිසන් ලී සමාගම කියයි. එහිදී, එම ඩිජිටල් මාර්ග සිතියම්වල මාර්ග බාධක, මාර්ග සලකුණු සහ ආලෝක සංඥා සම්බන්ධ දත්ත ගබඩා කරගැනීමක් සිදුවෙයි.

2021 දී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති රියදුරු නැති ටැක්සි සේවයට අමතරව, පාසල්, කාර්යාල, ගුවන් තොටුපළ ආදී ස්ථාන වෙත මගීන් රැගෙන යාම සඳහා බස් සේවාවක් ඇරඹීමද ඔවුන්ගේ සිහිනයක් බව ඇඩිසන් ලී සමාගම වැඩිදුරටත් පවසයි.

මේ වැනි සංකල්පයක් ක්‍රියාවට නැංවීම තුළින් දුෂ්කර ලිපිනයක් සොයාගැනීම, ඉඩකඩ ඇති රථ ගාල් සොයාගැනීම මෙන්ම, නගරයේ වායු දූෂණය අවම වීමද සිදුවන බව එම සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)