April 19, 2024

ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

මාධ්‍යවේදී ජමල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය වගකිව යුතු නම් ඔවුන්ට දැඩි දඞුවම්වලට මුහුණදීමට සිදුවනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

 ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමා ඉතා කණගාටුවට සහ කේන්තියට පත්ව සිටින බවයි.

සෞදි අරාබියානු රජය විවේචනය කළ ජමල් කෂෝගී නමැති මාධ්‍යවේදියා තුර්කියේ ස්තාන්බුල් නුවර පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලයට ඇතුළත් වීමෙන් පසු ඝාතනය කර ඇති බවට චෝදනා එල්ල වේ.

එම චෝදනා සෞදි අරාබිය ප්‍රතික්ෂේප කළ ද තුර්කිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරික්ෂණ සඳහා ඔවුන්ට සෞදි රජයෙන් කිසිදු සහයක් නොලැබෙන අතර තානාපති කාර්යාලයට ඇතුළු වීමට ද ඉඩ ලබා දී නොමැති බවයි.

මේ අතර සෞදිය සමඟ පවතින හමුදාමය කොන්ත්‍රාත් අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

Rate this item
(0 votes)