April 19, 2024

උතුරු කොරියානු ජනපතිගෙන් පාප්තුමාට ආරාධනයක්

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් එරට සංචාරයක නිරත වන ලෙස අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්තුමාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
 
දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් තමන් උතුරු කොරියානු නායකයගේ ආරධනා පණිවුඩය තමන් පාප්තුමාට දැනුම් දෙන බව ප්‍රකාශ කිරීමත් සමඟ මේ බව අනාවරණය විය.
 
දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් මේ මස 17 සහ 18 දිනවලදී වතිකානයේ සංචාරය කිරීමට නියමිතය.
 
“පාප්තුමන් හමුවන අවස්ථාවේදී ජනාධිපති මූන් ජේ ඉන් උතුරු කොරියානු නායකයාගේ පණිවුඩය පාප්තුමන්ට දැනුම් දෙනවා” යැයි දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ කිම් ඉයු කියෝම් පැවැසීය.
 
දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ මස 13 වැනිදා සිට 21 වැනිදා දක්වා යුරෝපා සංචාරයක නිරත වන අතර එහිදි ඔහු ප්‍රංශය, ඉතාලිය සහ ඩෙන්මාර්කය යන රටවල් ඇතුළු කලාපයේ රටවල් කිහිපයකටම යෑමට නියමිතය.
 
දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා මේ වසරේ ගත වූ කාලයේදී තෙවතාවක් මුණ ගැසුණු අතර අවසන් වරට මුණ ගැසුණාහ. අවසන් වරට ඔවුන් මුණ ගැසුණු අවස්ථාවේදී තමන් අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ උතුරු කොරියාවට උණුසුම් අයුරින් පිළිගැනීමට සූදානම් බව එරට නායකයා දකුණු කොරියානු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

Rate this item
(0 votes)