April 24, 2024

මුදල් විශුද්ධීකරණ චෝදනා යටතේ විපක්ෂ නායිකාව අත්අඩංගුවට

පේරු රාජ්‍යයේ විපක්ෂ නායිකාව මුදල් විශුද්ධීකරණ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

2011 ජනාධිපතිවරණට තරඟ කිරීම සඳහා නීත්‍යානුකූල නොවන අයුරින් බ්‍රසීල සමාගමකින් ඩොලර් මිලියන එකයි දශම දෙකක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

කෙයිකෝ ෆුජිමොරි නැමැති ඇය පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමොරිගේ දියණියයි.

කෙසේවෙතත් අදාළ චෝදනා ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර මෙය දේශපාලන පලිගැනීමක් බව ඇය පෙන්වාදෙයි.

අදාළ බ්‍රසීල සමාගමේ මැදිහත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් ඇල්බර්ටෝ ෆුජිමොරි හට ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්වීමට ද සිදුවු අතර මානව හිමිකම් උල්ලංගණය කිරීමේ චෝදනා යටතේ වසර 25ක සිර දඩුවමක් ද ඔහුට නියම වුණි.

Rate this item
(0 votes)