April 20, 2024

මුදල් ඇමති ඉල්ලා අස්වෙයි

දකුණු අප්‍රිකාණු මුදල් අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

දූෂණ අක්‍රමිකතා චෝදනා හේතුවෙන් දකුණු අප්‍රිකාණු මුදල් අමාත්‍ය ලන්ලා නේනේ මෙලෙස ඉල්ලා අස්වී ඇති අතර ජනාධිපති සිරිල් රම්පෝසා විසින් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයාව සිටි සමයේ හා  හිටපු ජනාධිපති ජේකබ් සූමා යටතේ මුදල් අමාත්‍යවරයාව සිටි සමයේ දී ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු සමඟ නීත්‍යානුකූල නොවන අයුරින් සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණි.

ලන්ලා නේනේ ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පසුගිය සඳුදා සිට කටකතා පැතිරීම හේතුවෙන් එරට මුදල් ඒකකය ද පහල වැටී ඇති අතර පසුව එය යථා තත්ත්වයට පත් කරගැනීමට හැකි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Rate this item
(0 votes)