April 19, 2024

භූකම්පනයකින් පුද්ගලයින් 11ක් මරු

හයිටි රාජ්‍යයට බලපෑ ප්‍රබල භුකම්පනයකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.  

තවත් පුද්ගලයින් 130 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යවාර්තා කළේය.

හයිටිහි උතුරු දිග මුහුදු ප්‍රදේශයේ මෙම භුකම්පනය හටගෙන ඇති අතර එය රික්ටර් මාපකයේ ඒකක පහයි දශම නවයක ප්‍රබලත්වයක්  සටහන් කර ඇති බව සඳහන් කළේය.

භූකම්පනයෙන් ගොඩනැගිලි රැසකට ද දැඩි අලාභහානී සිදුව තිබේ.

හයිටි රාජ්‍යයේ 2010 වසරේ දී සිදුවූ ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයින් ලක්ෂ දෙකත් තුනත් අතර පිරිසක් ජීවිතක්ෂයට පත්වු අතර දස දහස් ගණනක පිරිසක් තවදුරටත් අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 October 2018 09:21