March 29, 2024

'සෙල්ෆි' නිසා වසර 6 ක් තුළ 259 ක් මරුට

පසුගිය වසර හයක කාලය තුළ ලොවපුරා පුද්ගලයින් 259දෙනකු සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී මියගොස් ඇතැයි අධ්‍යයනයකින් හෙළිවී ඇත.

සෙල්ෆි මරණ වැඩිපුරම වාර්තා වී ඇත්තේ ඉන්දියාව, ඇමරිකාව සහ පකිස්ථානයෙනි. වැඩිපුරම මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් බවත් එය සියයට 72.5ක අගයක් ගන්නා බවත් පර්යේෂකයෝ සඳහන් කරති.

මෙසේ මියයන සංඛ්‍යාව වසරින් වසර වැඩිවන බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති. 2011දී තුනක් වූ මරණ සංඛ්‍යාව 2016 දී 98ක් හා 2017 දී 93ක් ලෙස වැඩි වී ඇත.

මෙම අධ්‍යනය සිදුකළ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ඇමරිකානු ජාතික පුස්තකාලයේ පර්යේෂකයන් පවසන්නේ මෙම මරණ සංඛ්‍යව අඩුකරගැනීම සඳහා පිළියමක් ලෙස අවදානම් සහිත ස්ථාන වල සෙල්ෆි ඡායාරූප තහනම් කළාප ඇති කලයුතු බවයි.

කෙසේ වුවද පර්යේෂකයන් පවසන්නේ සෙල්ෆි ඡායාරූප ගැනීමේදී මියගිය සත්‍ය සංඛ්‍යාව මීට වඩා වැඩි විය යුතු බවයි. ඒ මරණයට හේතුව ලෙස සෙල්ෆි ඡායාරූප ගැනීමේදී මියගිය බව සඳහන් නොකරන බැවිනි.

Rate this item
(0 votes)