February 24, 2019

මව එක්ක අනියම් පෙමින් බැඳුන වරදට පුතා මිතුරාගේ හිස කඳින් වෙන් කරයි

තම මවත් සමඟ අනියම් සම්බන්ධයෙන් පැවැත්වූ බව කියන සිය මිතුරාගේ හිස කඳේන් වෙන් කර පසුව එම හිසද රැගෙන තරුණයෙකු පොලිසියට භාර වී ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තාවේ.

මෙම සිදුවීම සිදු වී ඇත්තේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගිරීශ් ( Girish) නමැති 35 හැවිරිදි පුද්ගලයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ ඝාතනය සිදුකර ඇත්තේ 24 හැවිරිදි පසුපති (Pashupati) නමැති තරුණයෙක්.

තම මව සමඟ අනියම් සම්බන්ධතාව අත්හැර දමන ලෙසට ඔහු කිහිපවිටකම මිතුරාට පවසා ඇති බවත් මීට වසර 3 කට පමණ පෙර සිට ඔවුන් අතර ආරවුල් ඇතිවූ බවත් වාර්තා වේ.

ඉන් පසුවයි මෙම තරුණය තම මව සමඟ අනියම් සම්බන්ධතා පැවැත්වු යහළුවා ඝාතනය කර ඔහුගේ හිස කිලෝමීටර් 20 ක් පමණ දුරින් පිහිටි පොලිස් ස්ථානය වෙත රැගෙන පැමින ඇත.

Rate this item
(0 votes)