April 20, 2024

එකිනෙකා මුණගස්වන ප්‍රකට ඩේටින් ඇප් වැඩසටහනක් වෙනුවෙන් ආයෝජනයට ප්‍රියංකා සූදානම්

එකිනෙකා මුණගස්වන ප්‍රකට ඩේටින් ඇප් වැඩසටහනක් වෙනුවෙන් ආයෝජනයට ජනප්‍රිය ඉන්දීය නිළි ප්‍රියංකා චොප්රා සූදානම් බව විදෙස් වාර්තා පවසයි.

බම්බල් නමින් හැඳන්වෙන මෙම ඇප් වැඩසටහන ඉදිරියේදී ඉන්දියාව වෙතද හඳුන්වාදීමට සූදානම් බැවින් මේ ආකාරයෙන් ප්‍රියාංකාගේ ආයෝජන ඊට එකතු වී ඇත.

එමෙන්ම, ඇය මෙම ඇප් වැඩසටහන වෙනුවෙන් උපදේශිකාවක ලෙසද කටයුතු කිරීමට සූදානමින් සිටින අතර, ඉන්දියාව තුළදී මෙය සක්‍රීය විමට නම් මුලින්ම කාන්තාව විසින් මුල පිරීමක් සිදුකිරීම අවශ්‍ය වෙයි.

විශේෂයෙන්ම, ඉන්දියාව තුළ එකිනෙකා මුණගැසීමේදී වඩාත් ආරක්ෂාකාරී වටපිටාවක් ඇති කරනු වස්, ඉන්දියාවටම විශේෂිත පරිසරයක් ඇප් වැඩසටහන තුළ අන්තර්ගත කිරීමටද ඔවුන් පියවර ගන්නා බව කියැවෙයි.

ප්‍රියංකාගේ ආගමනය සම්බන්ධයෙන් බම්බල් පවසා සිටියේ ඇය සිය සමාගමේ සහකරුවෙකු, උපදේශකයෙකු මෙන්ම ආයෝජකයෙකු ලෙසද කටයුතු කරනු ඇති බවයි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 05 October 2018 08:25