April 19, 2024

භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය සඳහා වසර 55කින් පසු තේරී පත් වූ කාන්තාව මෙන්න

නොබෙල් ත්‍යාග සඳහා වසර 55ක ඉතිහාසය තුළ භෞතික විද්‍යාව වෙනුවෙන් එම ත්‍යාගය හිමිකර ගත් ප්‍රථම කාන්තාව බවට පත්වීමට ඩෝනා ස්ට්‍රික්ලන්ඩ් සමත්ව තිබේ.

ඒ අනුව, භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමි කරගත් තෙවැනි කාන්තාව බවටද කැනේඩියානු ජාතික ඩෝනා සමත්ව සිටියි.

ඇයට පෙර වර්ෂ 1903 දී මාරි කියුරි විසින්ද, වර්ෂ 1963 දී මාරියා ගොපර්ට් මේයර් විසින්ද මෙම ත්‍යාගය හිමි කරගෙන තිබුණි.

ඩෝනාට අමතරව, අමෙරිකානු ජාතික ආතර් ඇෂ්කින් සහ ප්‍රංශ ජාතික ජෙරාඩ් මොවුරෝද මෙවර භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයට හිමිකම් කියති.

ලේසර් භෞතික විද්‍යා ක්ෂේත්‍රය අළලා ඔවුන් විසින් සිදුකරන ලද සොයාගැනීම් මේ ආකාරයෙන් ඔවුන් වෙත නොබෙල් ත්‍යාගය පිරිනැමීම සඳහා හේතු වී ඇත.

Rate this item
(0 votes)