April 25, 2024

මාලදිවයින් නව ජනපතිවරයාට ලංකාවෙන් සුබ පැතුම්

September 25, 2018

ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ඉහළට ඔසවා තැබීමේ තීරණාත්මක ආකාරයකින් ජනතාව සිය ඡන්ද බලය පාවිච්චි කළ මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂක ඉබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ් මහතා ජයග්‍රහණය අත්කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින්, නිදහස් සාධාරණ හා සාමකාමී, සාර්ථක ජනපතිවරණ ක්‍රියාදාමයක් පැවැත්වීම පිළිබඳව මාලදිවයින් රජයට සහ ජනතාවට ශ්‍රී ලංකාවේ ප්‍රශංසාව පුද කරයි.

මැතිවරණ කොමිසම තවමත් අවසන් ප්‍රතිඵල නිකුත් කොට නොමැති වූවද, සෝලිහ් මහතාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔහුට සුබ පතන අතර, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා වඩාත් ඉහළ තලයකට රැගෙන ඒම සඳහා ඔහු සහ මාලදිවයිනේ ජනතාව සමඟ සමීපව කටයුතු කිරීමට උදක්ම අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Rate this item
(0 votes)