April 25, 2024

ළමයින් 5 කගෙන් 1 අයෙක් අධ්‍යාපනය ලබන්නේ නෑ

September 22, 2018

ලොව පුරා වෙසෙන සෑම ළමුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම පාසල් අධ්‍යාපනය නොලබන බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

ඒ අනුව ලොව පුරා අවුරුදු 05ත් 17ත් අතර වයසේ පසුවන ළමුන් මිලියන 303ක පමණ පිරිසක් පාසල් අධ්‍යාපනය නොලබන බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

එම සංවිධානය එක්සත් ජාතීන්ගේ 73 වන මහ සමුළුවට ඉදිරිපත් කළ වාර්තාවකින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

පාසල් නොයන ළමුන් අතරින්  වැඩි පිරිසක් යුධ ගැටුම් පවතින හෝ විවිධ ආපදා සිදුවන රටවල වාසය කරන්නන් බව අනාවරණය වී ඇත.

එමෙන්ම ලොව පුරා වෙසෙන අවුරුදු 15ත් 17ත් අතර වයසේ පසුවන ළමුන්ගෙන් පහෙන් එකක ප්‍රමාණයක් කිසිසේත් පාසල් අධ්‍යාපනය නොලැබිය හැකි ප්‍රදේශ වල සිටින අතර සෑම ළමුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම ප්‍රථමික අධ්‍යාපනය හෝ ලබා නොමැති බව ද අනාවරණය වී තිබේ.

Rate this item
(0 votes)