April 19, 2024

මැන්ග්ඛුට් සුළි කුණාටුව සමග ඇති වූ නායයෑම් හේතුවෙන් පිලිපීනයේ ජීවිත හානි රැසක්

September 18, 2018

පිලිපීනයට, චීනයට සහ හොංකොං රාජ්‍යයට බලපෑම් කළ මැන්ග්ඛුට් සුළි කුණාටුව සමග ඇති වූ නායයෑම් හේතුවෙන් පිලිපීනයේ ජීවිත හානි රැසක් සිදුව තිබේ.

පිලිපීන බලධාරීන් පෙන්වා දෙන්නේ එරට බෙන්ග්වෙට් පළාතේ, ඉටොගොන් හි සිදුවූ නායයෑම්වලින් පුද්ගලයන් 32 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පතල් කර්මාන්තයට වඩාත් ප්‍රචලිත මෙම ප්‍රදේශයේ නායයෑම් නිසා පස් කඳු කඩා වැටී ඇති අතර, අතුරුදන් වූවන් සොයා දිවා රෑ නොබලා මෙහෙයුම් සිදුවන බවද සඳහ්න වෙයි.

2018 වසරේදී මෙම ප්‍රදේශයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව වන මැන්ග්ඛුට් මේ වනවිට වඩාත් දුර්වල මට්ටමකින් දකුණුදිග චීනය ආශ්‍රිතව පවතී.

චීනයට මින් සිදුවූ බලපෑම්වලින් ගස් කඩා වැටීම් නිසා පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර, දැඩි වර්ෂාපතනය නිසා ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වය ඇති කර තිබුණි.

Rate this item
(0 votes)