April 23, 2024

හිටපු ජනපතිගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට

September 17, 2018

ඊජිප්තු හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ගේ පුතුන් දෙදෙනා එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොටස් වෙළෙඳපල කටයුතු අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය  වාර්තා කළේය.

57 හැවිරිදි ඇලා මුබාරක් සහ 54 හැවිරිදි ගමාල් මුබාරක් යන හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයින් දෙදෙනාට එරට කොටස් වෙළෙඳපලේ සහ මහ බැංකුවේ නීති රීති කඩ කළ බවට චෝදනා එල්ල වී ඇති බව ඊජිප්තු මාධ්‍ය අනාවරණය කර තිබේ.

සිද්ධියට අදාළව චෝදනා එල්ල වි තිබු තවත් පුද්ගලයින් තිදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණය නියෝග කර ඇති බව සදහන්ය.

Rate this item
(0 votes)