March 29, 2024

නවාස් ෂරීෆ්ට ලැබුණු අවසරය

September 13, 2018

සිය බිරිඳගේ අවසන් කටයුතුවලට සහභාගී වීම සඳහා බන්ධනාගාර ගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් හට අවස්ථාව ලබා දීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අනුව පැය 12 ක කාලයක් නවාස් ෂරීෆ් හට ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති අතර දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඔහු සහ ඔහුගේ දියණිය බන්ධනාගාරයේ සිට ලාහෝර් නුවරට පිටත් කර හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දීර්ඝ කාලයක සිට පිලිකා රෝගයකින් පීඩා විදි නවාස් ෂරීෆ්ගේ බිරිඳ ලන්ඩන් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (12) ජීවිතක්ෂයට පත් විය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 September 2018 09:05