March 29, 2024

කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්

September 11, 2018

ෆ්ලෝරන්ස් සුළි කුණාටුව ළඟාවත්ම නැගෙනහිර අමෙරිකාවේ වෙරළ ආශ්‍රිතව දිවි ගෙවන මිලියනකට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

විදෙස් වාර්තා අනාවරණ කළේ, 4 වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති ෆ්ලෝරන්ස් මේ වන විට පැයට කිලෝමීටර් 195 ක වේගයකින් හමායමින් ඇති බවයි.

සුළි කුණාටුව අනිද්දා උතුරු හා දකුණු කැරොලිනා ප්‍රාන්තයට කඩා වදිනු ඇතැයි කාලගුණ බලධාරීන් පුරෝකථනය කර ඇත.

ඒ අනුව මේ වන විටත් උතුරු හා දකුණු කැරොලිනා ප්‍රාන්තවලටත් වර්ජිනියා ප්‍රාන්තයටත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර අවසන් වේ.

Rate this item
(0 votes)