March 28, 2024

ගුවන් යානා අනතුරකින් 5 දෙනෙකුගේ දිවි අනු නවයෙන් බේරෙයි

September 03, 2018

නේපාලයේ දේශීය පුද්ගලික ගුවන් යානයක් ධාවන පථයෙන් ලිස්සා යාම හේතුවෙන් අනතුරකට ලක්ව තිබේ.

ට්‍රිබුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ඊයේ (02) උදෑසන 7.30ට පමණ එම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ මගීන් 21 දෙනෙකු සිට ඇති අතර එය නේපාල්ගුන්ජ් සිට කත්මන්ඩු දක්වා මගීන් රැගෙන පැමිණෙමින් තිබූ ගුවන් යානයක් වේ.

කෙසේවුව ද මගීන් පස් දෙනාට සිදුව ඇත්තේ සුළු තුවාල පමණක් බව නේපාල වාර්තා සදහන් කළා.

Rate this item
(0 votes)