March 29, 2024

බළලුන් ඇති කිරීම තහනම්

September 02, 2018

දකුණූ නවසීලන්තයේ කුඩා ගම්මානයක බළලුන් ඇති කිරීම තහනම් කිරීමට ප්‍රාදේශීය බලධාරීන් තීරණය කර තිබේ.

බළලුන්ට ගොදුරු වීමෙන් පක්ෂීන් හා ක්ෂීරපායීන් විශාල ප්‍රමාණයක් සෑම වසරකදීම මියයාම මෙම තීරණයට හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා කළේය.

එහි මූලික අදියරක් ලෙස ගෘහස්ථව ඇති කරන බළලුන් වඳ භාවයට පත් කිරීමට හා එම බළලුන් ලේඛනගත කිරීමට සැළසුම් කර තිබේ.

බළලෙකු මියගිය පසු යළි අදාළ නිවසට වෙනත් බළලෙකු ඇති කිරීම සඳහා ගෙන ඒම තහනම් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

කෙසේවෙතත් බළලුන් එළිමහනට නොයවා ගෘහස්ථව පමණක් ඇති කිරීමට ඉඩ ලබාදීමේ යෝජනාවක් ද ඉදිරිපත්ව ඇති බව සඳහන්ය.

Rate this item
(0 votes)