April 25, 2024

හැරී මේගන් අතරට ආ අමුත්තා

September 01, 2018

හැරී- මේගන් යුවල අතරට තෙවැන්නකු එක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ලැබ්‍ර‍ඩෝර් රිට්‍රීවර් වර්ගයේ සුනඛ පැටවෙකි.

මෙම සුනඛ වර්ගය එක්සත් රජධානියේ වඩාත් ජනප්‍රිය සුනඛ වර්ගය ලෙස සැළකේ. නව සුරතලා හැරුණ විට හැරී මේගන් යුවළට තවත් සුනඛ සුරතලකු සිටී. ඒ බීගල් වර්ගයේ සුනඛයකු වන අතර රාජකීය යුවල එම සුරතලා නම් කර ඇත්තේ ‘ගයි’ ලෙසිනි.

සුනඛයන් ඇති දැඩි කිරීම බොහෝ විට රාජකීය සම්ප්‍රදායේ පවතින්නකි. විලියම් කේට් යුවල විවාහ වූ අලුත ද ‘ලුපෝ’ නමැති කොකර් ස්පැනියර් වර්ගයේ සුනඛ සුරතලකුට හිමි කම් කීය.

Rate this item
(0 votes)