April 16, 2024

ඔබාමාගේ තුන්දෙනකු පිටමං කරයි

නෙදර්ලන්ත සංචාරයේදී අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාට ආරක්ෂාවට සිටි අමෙරිකා එක්සත් ජනපද රහස් ඔත්තු නිලධාරීන් තුන් දෙනකු විනය හේතුන් මත ආපසු යවන ලද බව වාර්තා වෙයි.

ඔවුන්ගෙන් එක් නිලධාරියෙක් බීමත්ව නෙදර්ලන්තයේ, ඇමස්ට්ර්ඩෑම් අගනුවර හෝටලයක ශාලාවක් ඔස්සේ ගමන් කර තිබුණ බව වාර්තා වී ඇතැයි බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

මෙම සිද්ධියට අදාළ වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කරන බවත් විභාගයක් පැවැත්වෙන තෙක් නිලධාරීන් තිදෙනා නිවාඩු යැවූ බවත අමෙරිකානු රහස් ඔත්තු අංශයේ නිලධාරියෙකු පවසා ඇත.

ජනාධිපති ඔබාමාගේ ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙක් ලිංගික අතවර සහ වැරදි හැසිරීම් නිසා ඉවත් කිරීමට අමෙරිකානු රහස් ඔත්තු අංශය 2013 වසරේ පියවර ගෙන තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 March 2014 09:29