March 28, 2024

හිටපු අගමැති අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ අතල් බිහාරි වජ්පායි මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය යනවිට 93 වැනි වියෙහි පසුවූ හිටපු අගමැතිවරයාගේ මරණය වයස සමග ඇති වූ රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරමින් ඉන්දීය මාධ්‍ය පවසයි.

හින්දු ජාතිකත්ව භාරතීය ජනතා පක්ෂය හෙවත් බී.ජේ.පී. පක්ෂයේ ආදිකර්තෘවරයෙකු ලෙසද වජ්පායි සැලකෙයි.

ඉන්දීය දේශපාලනයේ පතාක යෝධයෙකු ලෙස සැලකුණු වජ්පායි, වර්ෂ 1996 සිට 2004 දක්වා කාලය තුළ අවස්ථා තුනකදී ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇත.

එමෙන්ම, ගෝලීය න්‍යෂ්ටික බලවතෙකු ලෙස ඉන්දීයාව පෙරමුණට ගත් නායකයෙකු ලෙසද අතල් බිහාරි වජ්පායි හඳුනා ගැනෙයි.

Rate this item
(0 votes)