April 20, 2024

හිපපොටේමස්ගේ පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

කෙන්යාවේ සත්වෝද්යානනයේදී හිපපොටේමස් සත්වයෙකුගේ පහරදීමකින් තායිවාන සංචාරකයෙකු මියගොස් තිබේ.

එහිදී තවත් තායිවාන් ජාතිකයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

66 හැවිරිදි එම සංචාරකයා තම කැමරාව රැගෙන අදාළ සත්වයාගේ ආසන්නයටම ගොස් ඡායාරූප ගත කිරිම සදහා සූදානම් වූ අවස්ථාවේදී පහරදීම සිදුව තිබේ.

මේ වසර තුළ අදාළ සත්වෝද්‍යානයේදී හිපපොටේමස් සත්වයින්ගේ පහරදීම් වලින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

Rate this item
(0 votes)