April 16, 2024

සූර්යාගේ අභිරහස් සෙවීමේ චන්ද්‍රිකාවක් යවයි

නාසා ආයතනය විසින් නිර්මාණය කරන ලද, සූර්යාගේ අභිරහස් සෙවීමේ චන්ද්‍රිකාවක් රැගත් රොකට්ටුව අද සාර්ථකව අභ්‍යවකාශ ගත කරයි.

ඒ, ෆ්ලෝරීඩාහි කේප් කැනවරල් තුඩුවෙන්.

චන්ද්‍රිකාව රැගත් ඩෙල්ටා 4, අධිබර රොකට්ටුව ඊයේ අභ්‍යවකාශ ගතකිරීමට සැලසුම් කර තිබුණ ද, සුළු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය පැය 24 කින් කල් දැමුණා.

අන් කිසිදු යානයකට සමීප වීමට නොහැකි වූ තරම් සූර්යා සමීපයට මෙම චන්ද්‍රිකාව ගමන් කරනු ඇති.

යානයේ ඇති විශේෂත්වය වන්නේ සෙල්සියස් අංශක 1000 කට වැඩි උෂ්ණත්වයකට ඔරොත්තුදීමට හැකි වීමයි.

Rate this item
(0 votes)