April 20, 2024

ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 25ට ළඟාවෙයි

ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 25 ට ළඟා වී තිබේ. නිල ඇස්තමේන්තු අනුව පසුගිය අඟහරුවාදා වන විට එරට ජනගහණය මිලියන 25ක් සම්පූර්ණ කර ඇත.

ඕස්ට්‍රේලියාවේ ජනගහණය එසේ ඉහළ යාමට ප්‍රමුඛ හේතුවක් වී ඇත්තේ සංක්‍රමණිකයන්ය. එය ඕස්ට්‍රේලියාවේ විශාල හෝ කුඩා බව සහ නගරවල තදබදය පිළිබඳ සංවාදය නැවත මතු කිරීමට හේතුවී තිබේ. ජනගහණය නොකඩවා වර්ධනය වීමට හේතුවූ සංක්‍රමණිකයන් ඉතා වේගයෙන් වැඩිවීම රටට තවදුරටත් වාසිදායක ද යන්න ද සංවාදයට බඳුන්ව පවතී.

2001 වසර වනවිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 50% ක්, යුරෝපීය සංක්‍රමණිකයන් වූ නමුත් 2016 වනවිට ආසියානු කලාපය යුරෝපා සංක්‍රමණිකයන් අභිබවා යාමට සමත්වී තිබේ. 2011 වසරේ ඕස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යාංශයේ වාර්තා අනුව ඕස්ට්‍රේලියාවේ ජීවත්වන 26% ක් විදේශ රටවලදී උපත ලැබූවන්ය. ඒ අනුව ආසන්න වශයෙන් සෑම පුද්ගලයන් සිවුදෙනෙක්ගෙන් කෙනෙක් විදේශිකයෙකි.

Rate this item
(0 votes)