April 25, 2024

කරුණානිධි මියයයි

50 වසරකට අධික කාලයක් ද්‍රවිඩ කලහා මුන්නේත්‍රම් පක්ෂයේ නායකත්වය හෙබවු තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය එම්.කරුණානිධි මහතා ඊයේ (07) පස්වරුවේ මියගියේය.

 ඒ චෙන්නායි රෝහලක අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටිය දී.

මිය යන විට ඒ මහතා 94 වියේ පසුවන අතර, 5 වතාවක් තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය ධූරය හොබවා තිබේ.

පසුගිය ජූලි 28 වනදා ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් චෙන්නායි හි පෞද්ගලික රෝහලකට මොහු ඇතුළත් කෙරුණි.

Rate this item
(1 Vote)