April 19, 2024

එකම පවුලේ 7 දෙනෙක් නිවසක් තුළ ගෙල වැළලාගෙන මියයයි

සියදිවි හානිකරගෙන සිටි එකම පවුලේ සාමාජිකයින් හත් දෙනෙකුගේ මළ සිරුරු ඉන්දියාවේ ජාර්ඛාන්ද් ප්‍රාන්තයේ පිහිටි රාන්චි නගරයේ නිවසක් තුළ තිබියදී හමුවී තිබේ.

ළමුන් දෙදෙනෙකුද ඒ අතර සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ  මව, පියා, පුතුන් දෙදෙනා , එක් පුතකුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනායි.

එම පවුලේ පුතුන් දෙදෙනා විදුලි පංකාවක ගෙල වැළලාගෙන සිට ඇති අතර සෙසු පස් දෙනාගේ මළ සිරුරු නිවසේ ඇදක් මත තිබියදී සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

කුඩා ළමුන් දෙදෙනා පාසැල් වෑන් රථයට නොපැමිණීම සම්බන්ධයෙන් විපරම් කිරීමට ගිය එම වෑන් රථයේ සිසුවියක විසින් පළමුව මෙම මළ සිරුරු දැක තිබේ.

කෙසේ නමුත් මෙම පිරිස සියදිවි නසා ගැනීමට හේතුවක් මෙතෙක් අනාවරණවී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

නවදිල්ලියේ නිවසක් තුළදී එකම පවුලේ සාමාජිකයන් පිරිසක් සියදිවි හානිකර ගැනීමේ සිදුවීමෙන් සති කිහිපයකට පසුව මෙම සිදුවීම වාර්තාවී ඇති අතර ජාර්ඛාන්ද් ප්‍රාන්තයේ දින 10ක් ඇතුළත වාර්තාවූ මේ ආකාරයේ දෙවන සිදුවීමද මෙයයි.

Rate this item
(0 votes)