March 29, 2024

උණුසුම් කාලගුණ හේතුවෙන් 30ක් මරුට

ජපානයේ ප්‍රදේශ රැසක මේ දිනවල පවතින්නේ ඉතාම උණුසුම් කාලගුණික තත්ත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 30 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

උෂ්ණත්වයෙන් වැළකී සිටීමේ ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීමට ජනතාව පෙළඹී ඇති බව සඳහන් වේ.

පසුගිය සති දෙකක කාලය තුළ උණුසුම් තාප තරංගයන්ගේ බලපෑම් වලට ලක් වූ ජපාන වැසියන් දහස් සංඛ්‍යාත පිරිසක් රෝහල්වලින් ප්‍රතිකාරලබා ඇති බව වාර්තා විය.

මේ සතිය මුලදී මධ්‍යම ජපානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40කට වැඩි අගයක් ගනු ලැබුවේය.

පසුගිය වසර පහක කාලය තුළම එහි උෂ්ණත්වය ඉතාම ඉහළ මට්ටමක පැවතියේය.

මේ අතර කියෝතෝහි අඛණ්ඩව දින 7ක කාලයක් සෙල්සියස් අංශක 38ක උෂ්ණත්වයක් පැවති අතර එය 19 වන සියවසෙන් පසු නගරයෙන් වාර්තා වූ ඉහලම උෂ්ණත්වය බව වාර්තා වේ.

උෂ්ණත්වයෙන් හය හැවිරිදි දරුවෙකු මියයාමත් සමඟ එරට අධ්‍යාපන අමාත්‍යවරයා පාසල්  ළමුන්ට උෂ්ණත්වයෙන් එල්ල වන බලපෑම් අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බලධාරීන් දැනුවත් කර ඇති බව සඳහන් වේ.

මේ අතර පුද්ගලයින් 200කට අධික පිරිසක් මරණයට පත්කළ ගංවතුර ආපදාවෙන් බලපෑම් එල්ල වූ  බටහිර ජපාන වැසියන්ද  මේවනවිට උණුසුම් කාලයෙන් පිඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

Rate this item
(0 votes)