April 20, 2024

විදෙස් සිසුන් සංඛ්‍යාවෙන් ඔස්ට්‍රේලියාව ඉදිරියට

රට තුළ උසස් අධ්‍යාපනය ලබන විදෙස් සිසුන් සංඛ්‍යාවෙන් බ්‍රිතාන්‍ය පරදා ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබේ.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව මෙම දත්ත අනාවරණය වී ඇත.

එම ආයතනයේ ගෝලීය උසස් අධ්‍යාපන දත්ත අනුව මෙතෙක් දෙවැනි ස්ථානයේ පසුවූ බ්‍රිතාන්‍ය තෙවැනි ස්ථානයට ඇද දමමින් එහි දෙවැනි තැන ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇත.

ඔස්ට්‍රේලියාව වඩාත් ශීඝ්‍ර ලෙස සිය විදෙස් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරමින් කටයුතු කිරීම මීට හේතුව බව කියැවෙයි.

බ්‍රිතාන්‍ය කවුන්සිලය පවසන්නේ විදේශීය සිසුන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මේ වනවිට දරණ ප්‍රතිපත්තියේ පැහැදිලි වෙනසක් ඉදිරියේදී අවශ්‍ය බවයි.

Rate this item
(0 votes)