April 20, 2024

ජීවිත රැක ගන්නට ජීවිතය දන් දුන් විරුවා සැමරේ

තායිලන්ත ලෙනක සිරව සිට බේරා ගත් ළමුන් විසින් එම මෙහෙයුමේදී මිය ගිය නාවික හමුදා කිමිඳුම්කරුවක් වූ සමන් ගුනාන්ට උපහාර පුද කරනු ලැබ තිබේ.

ඔවුන් එලෙස උපහාර දක්වා ඇත්තේ, ප්‍රතිකාර ලබන රෝහලේ සිටයි.

විනාඩියක නිෂ්ශබ්දතාවක සිට ඔවුන් එම උපහාරය පුදා ඇති අතර, ඔහු වෙනුවෙන් ජීවිත බේරා ගත් ළමුන් දැඩි සංවේගය පළ කර තිබේ.

මේ අතර මියගිය නාවික හමුදා කිමිඳුම්කරවකු වූ සමන් ගුනාන්ව ලුතිනන් කමාන්ඩර් තනතුර දක්වා උසස් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

Rate this item
(0 votes)