April 24, 2024

ට්‍රම්ප් - පූටින් මුහුණට මුහුණ හමුව විනාඩි 90 පෞද්ගලික සාකච්ඡාවක්

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් අතර ෆින්ලන්තයේ හෙල්සින්කි නගරයේදී සිදුවූ මුහුණට මුහුණ හමුව විනාඩි 90ක පෞද්ගලික සාකච්ඡාවක් බවට පත්ව තිබේ.

කෙසේ වෙතත්, මෙම හමුවට පෙර මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් ඇමෙරිකානු නායකයා සහ රුසියානු නායකයා අතට අත දෙමින් මාධ්‍ය වෙත අදහස් දැක්වීමක්ද කළහ.

එහිදී, ට්‍රම්ප් කියා සිටියේ මොස්කව් පාලනය සමග සුවිශේෂී සබඳතාවක් ඇති කරගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි.

එහිදී, රුසියාව සමග හුදෙකලා වීම හොඳ දෙයක් බවත්, එය නරක දෙයක් නොවන බවත් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා සිටියේය.

ස්වාධීන සාකච්ඡාවක් සඳහා කාලය පැමිණ ඇති බව එහිදී පූටින් පවසා සිටියේය.

එමෙන්ම, මෙවර පාපන්දු ලෝක කුසලානය ඉතා හොඳින් පැවැත්වීම සම්බන්ධයෙන් පූටින් වෙත සුබ පැතුම් එක්කිරීමටද ට්‍රම්ප් අමතක නොකළේය.

ෆින්ලන්තයේ ජනාධිපති මන්දිරයේදී පැවති මෙම හමුවේදී ට්‍රම්ප් සහ පූටින් වාඩි වී සිටි කාමරයේ ඇමෙරිකානු හා රුසියානු ධජ ඔවුන් පසුපසින් සිටුවා තිබුණි.

මෙහිදී, ට්‍රම්ප් වැඩිදුරටත් පවසා සිටියේ ඉතා වැදගත් ලෙස බොහෝ හොඳ දේවල් සාකච්ඡාවට බඳුන් කිරීමට ඇති බවයි. වෙළෙඳාමේ සිට ආරක්ෂාව දක්වාත්, මිසයිලවල සිට න්‍යෂ්ටික අවි දක්වාත් සාකච්ඡා කරන බව පවසා සිටි ට්‍රම්ප් ඔවුන් දෙදෙනාගේ අන්‍යෝන්‍ය මිත්‍රයා වන චීනය ගැන පුංචි කතාවක් පමණක් කරන බවද කියා සිටියේය.

Rate this item
(0 votes)