April 23, 2024

ගුහාවෙන් බේරාගත් තායි පාපන්දු කණ්‌ඩායම සුවෙන්

තායිලන්ත ගුහාවෙන් බේරාගත් පාපන්දු කණ්‌ඩායමේ 13 දෙනාගේම සෞඛ්‍ය තත්ත්වය යහපත් බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

පළමු දිනයේ මුදාගත් හතරදෙනා හොඳින් සාමාන්‍ය ආහාර ගන්නා බවත් දෙවැනි දිනයේ මුදාගත් හතර දෙනාගේ පෙනහළුවල ආබාධ සුව වෙමින් ඇති බවත් ඔවුන් තනිවම වැසිකිළි යන බවත් බලධාරීහු සඳහන් කරති. 

අවසන්වරට පැමිණි පස්‌දෙනාගේ රුධිර පීඩන මට්‌ටම සාමාන්‍ය තත්ත්වයේ පැවැති බවත් ඒ අය නිසි වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යොමුකර ඇති බවත් බලධාරීහු ප්‍රකාශ කරති.

මේ අයගේ පවුල්වල අයට මීටර් දෙකක්‌ ඈතින් සිට ඔවුන්ගේ සුවදුක්‌ බැලීමේ අවස්‌ථාව ලබාදී තිබේ.

මේ පිරිස දින 19 ක්‌ ගුහාවේ සිරවී සිටියහ.

Rate this item
(0 votes)