March 29, 2024

පිපා මිඩ්ල්ටන් සැමියා සමඟ වෙළෙඳපොළට ගිහින්

පළමු දරු ප්‍රසූතියට මාසයක් පමණ තිබියදී පිපා මිඩ්ල්ටන් තම මිලියනපති සැමියා වන ජේම්ස් මැතිව්ස් සමඟ වෙළෙඳපොළට ගොස් නිවසට අවශ්‍ය කළමනා ගෙන එන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් වී තිබේ. 34 හැවිරිදි පිපා කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කේට්ගේ බාල සොයුරියයි. ලන්ඩනයේ පිහිටි නිවසට අවශ්‍ය කළමනා පිරවූ බෑග් අතින් උස්සා ගත් පිපා සහ ජේම්ස් මෙසේ කැමරා කාචයකට හසුව ඇත්තේ දරු සුරතල් බැලීමට මාසයකටත් වඩා අඩු කාලයක් තිබියදීය.

පිපා සැරසී සිටි පවුම් 55ක ගැබිණි ගවුම ඇයගේ සොයුරිය වඩාත් කැමති සෙරෆයින් ලේබලයේ එකක් බව ඡායාරූපය සමඟ පළ කර තිබිණි.

Rate this item
(0 votes)