March 29, 2024

සික් ජාතිකයින් ආරක්ෂාව ඉල්ලා විරෝධතාවයක

සික් ජාතිකයින් විසින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී විරෝධතාවක් පවත්වා තිබේ.

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් සික් ජාතිකයින් කිහිප දෙනෙකු මියයෑමේ සිදුවීම මුල් කරගනිමින් එය සංවිධාන කර ඇත.

නවදිල්ලියේ ඇෆ්ගනිස්ථාන තානාපති කාර්යාලය ඉදිරිපිටදීයි එය පැවැත්විය.

සුළුතරයක් වන සික් ජාතිකයින්ට ආරක්ෂාව සලසන ලෙස විරෝධතාකරුවන් එහිදී ඇෆ්ගන් රජයෙන් ඉල්ලා සිටියේය.

ඇෆ්ගනිස්ථානයේ ජලාදාබාද් නගරයට පසුගියදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගිය අතර ඉන් දස දෙනෙකු පමන සික් ජාතිකයින් බව විදෙස් වාර්තාවල දැක්වෙන්නේය.

Rate this item
(0 votes)