April 18, 2024

හිටපු අගමැති අද අධිකරණයට

අත්අඩංගුවට ගත් මලයාසියාවේ හිටපු අගමැති නජිබ් රසාක් අද (04) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

එරට වේලාවෙන් අද උදෑසන 08.30ට ක්වාලාලාම්පූර් මහාධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

දූෂණ චෝදනා යටතේ ඔහු ඊයේ (03) පස්වරුවේ අත්අඩංගුවට ගත්තේය.

රාජ්‍ය සංවර්ධන අරමුදල් ඩොලර් මිලියන 700ක් වංචා කිරිම සම්බන්ධයෙන් හිටපු මලයාසියානු අග්‍රාමාත්‍ය නජිබ් රාසාක්ට එරෙහිව චෝදනා ගොණු කිරිමට නියමිත වේ.

Rate this item
(0 votes)