April 20, 2024

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 45 ක් මරුට

බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු ඉන්දියා ප්‍රදේශයේදී මිනිසුන් රැගත් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින් මේ වන විට පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් ඇති බවට තොරුතුරු වාර්තා වේ.

මියගිය සංඛාව වැඩිවිය හැකි බවට එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කරන අතර අනතුරින් තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරට පත් බස් රථයේ පුද්ගලයින් 50 - 55 අතර පිරිසක් ගමන් කර තිබේ.

Rate this item
(0 votes)