April 25, 2024

ගස් කැපීමට එරෙහිව ජනතාව පාරට

ගස් කැපීමට විරෝධය පල කරමින් ඉන්දියාවේ නවදිල්ලි නුවර වැසියන් පිරිසක් වීථි බැස තිබේ.

ඉදිකිරීම් කටයුතු කිහිපයක් සඳහා ගස් 17000ක් කැපීමට ඉන්දීය රජය ගත් තීරණයකට එරෙහිව ඉන්දියාවේ නවදිල්ලි නුවරදී විරෝධතාවක් පැවැත් විය.

බෙහෙවින් දූෂණයට පත්ව ඇති ප්‍රදේශයක් වන දකුණු නවදිල්ලියේදී මෙම විරෝධතාව පවත්වා තිබීමත් විශේෂත්වයක් වෙයි.

ගස් කැපීමේ තීරණය ඉතා පහසුවෙන් ගත හැකි වුවත් එහි ප්‍රතිඵල වඩාත් දරුණු බව විරෝධතාකරුවන් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් අදාල තීරණය පිළිබඳවරජය යළිත් වරක් සලකා බැලිය යුතුව ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.

මෙහිදී විරෝධතාකරුවන් ගස් වැළඳගනිමින් අවධාරණය කර සිටියේ එක් ගසක් හෝ කැපීමට තමන් කිසිවිටකත් ඉඩ නොතබන බවයි.

Rate this item
(0 votes)