April 19, 2024

ස්වභාවික රක්ෂිතයකින් දිවියන් කිහිප දෙනෙක් සොයා ගනියි

චීනයේ ස්වාභාවික රක්ෂිතයකදී දිවියන් කිහිප දෙනෙකු සොයාගැනීමට හැකිවී තිබේ.

දිවියන් වඳවීයාමේ අවදානමට මුහුණපා සිටින බැවින් රතුදත්ත පොතටද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

දිවියන් රංචුවකගේ දසුන් පෙලක් චීනයේ ගැන්සු පලාතේ රක්ෂිතයකදී පර්යේෂකයින් පිරිසක් කැමරාවට හසුකරගෙන තිබුණි.

ගැන්සු පලාතේදී දිවියන් සොයා ගැනීමට හැකිවීම විශේෂ සිදුවීමක් බව එම පර්යේෂකයින් පවසා තිබේ.

ලබාගෙන ඇති වීඩියෝ දසුන් සහ ඡායාරූපවලට අනුව කිලෝග්‍රෑම් 60 සිට 130 දක්වා බරින් යුතු දිවියන් එම රංචුවේ සිටින බවත් සඳහන් වෙයි.

වඳවීයාමේ අවදානමට මුහුණපා සිටින සත්ත්ව විශේෂයක් ලෙස රතු දත්ත පොතට ඇතුලත්ව සිටින දිවියන් චීනයේදී ජාතික මට්ටමේ අධි ආරක්ෂිත සත්ත්වයෙකු ලෙසයි සැලකෙයි.

Rate this item
(0 votes)