April 19, 2024

පොලීසියේ වෙඩි තැබීමකින් කුඩා දරුවෙක් මරුට

විරෝධතාවයක් අතරතුර පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිකරගුවාවේ, මැනගුවාහි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් සංවිධානය කර ඇති විරෝධතා ව්‍යාපාර මාලාවක් අතර තුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය පිරිස අතර විරෝධතාවලට මැදිවු තරුණ මාවකගේ මාස 18ක් වයසැති බිළිදෙකු ද වන නමුත් එම වෙඩි තැබීම පොලීසිය විසින් සිදුකළ බවට නගන චෝදනා නිකරගුවා රජය ප්‍රතික්ෂේප කර තිබේ.

විශ්‍රාම වැටුප් කප්පාදුව ඇතුළු රජය ගෙන ඇති තීරණ කිහිපයකට විරෝධය පළ කරමින් මාස දෙකක පමණ කාලයක සිට පවතින මෙම විරෝධතා ව්‍යාපාර වල දී මේ වන විට පුද්ගලයින් 200කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Rate this item
(0 votes)