April 25, 2024

විභාගයක හොර වැඩ නවත්තන්න රටේම අන්තර්ජාල පහසුකම් අවහිර කරලා

ඇල්ජීරියාවේ උසස් පාසල් ඩිප්ලෝමා විභාගය හේතුවෙන් එරට අන්තර්ජාල පහසුකම් අවහිර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

අදාළ විභාගය පැවැත්වෙන පැයක කාලයක් මෙලෙස රට පුරා ජංගම දුරකථන හා ස්ථාවර අන්තර්ජාල පහසුකම් අවහිර කර ඇති බව සඳහන්ය.

අන්තර්ජාලය භාවිත කරමින් සිසුන් විසින් සිදුකරන විභාග අක්‍රමිකතා වැලැක්වීම සඳහා මෙම පියවර ගත් බව ඇල්ජීරියානු අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මෙම මස 20 වන දින සිට 25 වනදා දක්වා විභාග පැවැත්වන කාල පරාස තුළදී  අන්තර්ජාල පහසුකම් අවහිර කෙරෙන බව වාර්තා වේ.

2016 වසරේදී විභාගය පැවැත්වීමට පෙර ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවීමක් පදනම් කරගනිමින් ඇල්ජීරියානු බලධාරීන් මෙම පියවර ගෙන තිබේ.

මෙම ඩිප්ලෝමා විභාගය සඳහා ඇල්ජීරියාව පුරා ළමුන් ලක්ෂ 07ක පමණ පිරිසක් පෙනී සිටින බව සඳහන්ය.

Rate this item
(0 votes)