April 19, 2024

අගමැති දුන් පොරොන්දුවක් ඉටු කරන ලෙස ඉල්ලා 1350Km දුරක් පුද්ගලයෙකු පයින්ම යයි

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබාදුන් පොරොන්දුවක් ඉටු කරන ලෙස ඉල්ලීම සඳහා පුද්ගලයෙකු කිලෝමිටර් 1350ක දුරක් පා ගමනින් ගමන් කර තිබේ.

මුක්ටිකන්ට්  බිස්වාල් නමැති එම පුද්ගලයා ඔරිස්සා ප්‍රාන්තයේ සිට දිල්ලි අගනුවර දක්වා ගමන් කිරීම ආරම්භ කර ඇත්තේ පසුගිය අප්‍රේල් මස 16 වනදායි.

ගමනාන්තයට කිලෝමීටර් 218ක් ඉතිරිව තිබියදී අග්‍රා ප්‍රදේශයේදී ඔහු රෝහල්ගත කිරීමට සිදුව තිබේ.

තම ප්‍රදේශයේ පිහිටි රෝහලක් ඉන්දියාවේ ඉහළම පහසුකම් සහිත රෝහලක් බවට පරිවර්තනය කරන බව 2015 වසරේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පොරොන්දු වී තිබූ බව ඔහු පවසයි.

එය ඉටු කරන ලෙස සිහිගැන්විම සඳහා තමන් මෙම ගමනේ නිරත වන අතර අග්‍රාමාත්‍යවරයා හමුවිමට නොහැකි වුවහොත් උපවාසයක නිරත වන බව එම පුද්ගලයා ප්‍රකාශ කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)