April 19, 2024

ළමයින් යොදා ගෙන කළ බිලි පූජාවක සාක්ෂි හමුවෙයි

ළමයින් යොදාගෙන සිදුකළ විශාල බිලි පූජාවක සාක්ෂි සොයා ගැනීමට පේරු පුරාවිද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ.

බිලි පූජාව වෙනුවෙන් ඝාතන කළ දරුවන් 100 දෙනෙකුගේ පමණ අස්ථි කොටස් මෙලෙස සොයා ගැනීමට හැකියාව ලැබී ඇති බව කැනීම් සිදුකර පුරාවිද්‍යාඥයින් පවසයි.

මෙම අස්ථි කොටස් වසර 1000ක් පමණ පැරණි බවට විශ්වාස කෙරෙයි.

මාස කිහිපයක් සිදුකළ කැනීම්වලදී දරුවන් 109 දෙනකුගේ පමණ  අස්ථි කොටස් සොයා ගැනීමට හැකි වූ බව පර්යේෂකයින් තහවුරු කර තිබේ.

ලෝකයේ ළමුන් යොදාගෙන බිලි පූජා සිදුකළ බවට සාක්ෂි බහුලව හමුව ඇති පේරු රාජ්‍යයේ ටෘජිලෝ නගරයේ ප්‍රදේශයකින් මෙම අස්ථි කොටස් සොයාගෙන ඇති බව සඳහන් වෙයි.

අස්ථි කොටස් හමු වූ ප්‍රදේශය තුළ විවිධ පුරාණ ශිෂ්ටාචාරයන් පැවතියද ළමයින් යොදාගත් බිලි පූජා සිදුකරන්නට ඇත්තේ පෙර පැවති  චිමූ සංස්කෘතිය තුළ බව පුරාවිද්‍යාඥගේ නිගමනයයි.

Rate this item
(0 votes)